මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල, මාතර නගර දෙකම ගැන සාකච්ඡා කළා

    නොවැම්බර් 24, 2015

    මාතර නගර සැලැස්ම ගැන යෝජනා කීපයක් ආවා.ගාල්ල, මාතර නගර දෙකම ගැන කතා කරලා,ගත යුතු පියවර සාකච්ඡා කළා යැයි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    අග්‍රාමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් ආලහප්පෙරුම මහතා යොමු කළ වාචික ප්‍රශ්න අවස්ථාවේ මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    ''මාතර නගර සැලැස්ම'' ගැන යෝජනා කීපයක් ආවා, විශේෂයෙන් ම රාහුල විද්‍යාලයේ ශාලාව ගැනත්, ගාල්ල, මාතර නගර
    දෙකම ගැන ම කතා කරලා,ගත යුතු පියවර සාකච්ඡා කළා.ඊට අමතරව අපි හම්බන්තොට ගැන කත කළා. තංගල්ල නගරයට කිසිම සැලැස්මක් තිබුණේ නෑ. හම්බන්තොට ගැන ගත යුතු පියවර ගැන සාකච්ඡා කළා.

     

    දකුණු පළාතේ කැබිනට් මණ්ඩලයේ සහ කැබිනට් මණ්ඩලයේ නොමැති මැති ඇමැතිවරු නවදෙනෙකු සිටිනවා.ඒ නවදෙනා සහ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා මුණගැහිලා,සාකච්ඡා කරන්න, අපි තීරණය කළා. මන්ත්‍රීවරු මතර සැලැස්ම ගැන යෝජනා කිපයක් කර තිබුණා,එතැනදි සාකච්ඡා කර දෙන්න. අපිට හුගක් වැඩකරන්න තිබෙනවා.හම්බතොට වැඩ ටික කරලා,මාතර කරන්න තිබෙනවා යැයි අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya