මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන ස්ථාවරභාවය ඉටු වෙලා තිබෙනවා-රටේ සමස්ත ආර්ථිකය ඉහළ දැමීමට හොඳ අවස්ථාවක්

    නොවැම්බර් 24, 2015

    fdggදේශපාලන ස්ථාවරභාවය තුළීන් මේ රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය ගොඩනැගිය හැකියි.එය අද ඉටු වෙලා තිබෙනවා. මෙය රටේ සමස්ත ආර්ථිකය ඉහළ දැමීමට හොඳම අවස්ථාව යැයි වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි.

     

    අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.


    අග්‍රාමත්‍යවරයා ඉදිරිපත් කළ මධ්‍ය කාලීන මූල්‍ය ප්‍රතිපත්තියට අනුගතව මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙනවා. දුම් පරීක්ෂා කිරීම සම්බන්ධ යෝජනාව නැවත සලකා බලනවා නම් හොඳයි. ලෝකයේ රටවල් ඉලෙක්ට්‍රොනික් වාහන ප්‍රචලිත කිරිම සඳහා විවිධ බදු සහන ලබා දෙනවා. පොහොර සහහනාධාරය ලබාදීම වෙනුවට මුදල් ලබාදීමට අයවැයෙන් යෝජනා කර තිබෙනවා. වැඩකරන ජනතාවගේ සමාජ ආරක්ෂණ දැල සුරක්ෂිත කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.

     

    අධ්‍යාපනය සඳහා වෙන්කළ මුදල පිළිබඳ මුදල් ඇමැතිවරයාට ප්‍රසංශා කළ යුතුයි. ලෝකයේ සංවර්ධනය වූ රටක් දිහා බැලූ විට ඔවුන් අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කර තිබෙනවා. අධ්‍යාපනය තුළින් තමයි, ගෝලිය සංවර්ධනයත් අනෙක් සංවර්ධනයත් තුළනාත්මක වෙන්නේ. අධ්‍යාපනයට වෙන් කරන මුදල් වගේම මගේ අමාත්‍යාංශයටත් විශාල මුදලක් වෙන් කර තිබෙනවා.

     

    ලංකාවේ මෙන්ම ලෝකයේ වැඩියෙන් රැකියා නිර්මාණය වී තිබෙන්නේ පෞද්ගලික අංශයේයි. පෞද්ගලික අංශයේ රැකියා ලබා ගැනීමේදී තරඟකාරීත්වයක් තිබෙනවා. ඉංග්‍රීසි භාෂා දැනුම තිබිය යුතුයි. ඉංග්‍රීසි නමැති සමාජ බාධක බිඳ දැමීමට අප කටයුතු කරනවා. වෘත්තීය පුහුණුව ලබාදීමේදී ඒ සඳහා මුදලක් අය නොකිරීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳ දැනටමත් සාකච්ඡා සිදු කරමින් තිබෙනවා. මොකද මධ්‍යම පාංතිකයන්ගේ දරුවන්ට මුදල් ගෙවා පාඨමාලා හදාරා රැකියා ලබා ගැනීමට ඕනෑ තරම් පඨමාල තිබෙනවා. නමුත් ගමේ දුප්පත් අයගේ දරුවන්ට මුදල් ගෙවා වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට අපොහොසත්. ඒ නිසා වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා මුදල් අය නොකිරීමෙන් එම පාඨමාලාවල ඉල්ලුම තවත් ඉහළ දැමිය හැකියි.

     


    ආර්ථික ශක්තිමත් කිරීමට දේශාපලන ස්ථාවරභාවය ඉතා වැදගත්. අද එය ඉටු වෙලා තිබෙනවා. මේ අයවැය සම්මත කර ගන්නා දවසේදී තුනෙන් දෙකක ඡන්දයකින් පවා සම්මත කර ගත හැකි වේවි. දේශපාලන ස්ථාවරභාවය තුළීන් මේ රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය ගොඩනැගිය හැකියි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ වන විට ලෝකය ජයගෙන තිබෙනවා. අමෙරිකාව, ඉන්දියාව අපට සහයෝගය ලබාදෙමින් තිබෙනවා. ඒ සියළු කාරණා තුළින් මේ රටේ සමස්ත ආර්ථිකය ඉහළ දැමීමට හොඳම අවස්ථාව මෙයයැයිද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya