මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පහ වසර ශිෂ්‍යත්වයට මුහුණදුන් දරුවන්ට අසාධාරණයක් වී නෑ- අධ්‍යාපන අමාත්‍ය

    නොවැම්බර් 24, 2015

     

    පහ වසර ශිෂ්‍යත්වයට මුහුණදුන් දරුවන්ට අසාධාරණයක් වී නොමැති බවත් ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් ඇති වී ඇති  ගැටළුව සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණය ගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා පවසයි.


    අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක
    මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කළේ
    පහ වසර ශිෂ්‍යත්වය කප්පාදු කිරීමක් සිදු වී තිබෙන බව හා ඉන් දරුවන් විශාල පිරිසක් අපහසුතාවයට පත්ව සිටින බවත් ය.


    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නවලට අධ්‍යාපන අමාත්‍ය
    අකිල විරාජ් කාරියවසම් මහතා පිළිතුරු ලබාදුන්නේ මෙසේ ය.


    01. 2014 වර්ෂයේ දී 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාදුන් ශිෂ්‍යත්ව සංඛ්‍යාව 51,152ක් බව දන්නේද?


    පිළිතුර- අදාළ නොවේ.51,152ක් නොවේ.පාසලක් ලබාගැනීම සඳහා සිසුන් 51152ක් අයදුම් කර ඇති අතර ඉන් ශිෂ්‍යත්ව
              හිමිකම ලබාඇත්තේ සිසුන් 15,000ක් පමණි.

     

    02- 2015 වර්ෂයේ දී (මෙවර ) එසේ ලබාදුන් ශිෂ්‍යත්ව සංඛ්‍යාව 31,853ක් බව පිළිගන්නේ ද?

     

    පිළිතුර-අදාළ නොවේ. ශිෂ්‍යත්ව ලබාගැනීම සඳහා සිසුන් 31853ක් අයදුම් කර ඇති අතර ඉන් ශිෂ්‍යත්ව හිමිකම ලබා
             ඇත්තේ සිසුන් 15,000ක් පමණි.

     

    03-ඒ අනුව මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සංඛ්‍යාව 19,299කින් කප්පාදුකර ඇති බව පිළිගන්නේද?

    පිළිතුර-අදාළ නොවේ.කප්පාදුවක් කර නොමැත.
            2015 සඳහා පසුගිය රජය මඟින් ඉදිරිපත් කළ අයවැය යෝජනා මඟින් ශිශ්‍යත්ව සංඛ්‍යාව 15,000 සිට 25,000 දක්වා වැඩි
            කිරීමට යෝජනා කරන ලදී.එය මැතිවරණය ළඟ කළ ප්‍රකාශයක්.අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාව
            වන විට ශිෂ්‍යත්ව 15,000ක සීමාව තුළ ප්‍රතිපාදන නිකුත් කර තිබුණි.අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු 25000 සීමාව යටතේ
            ප්‍රතිඵල නිකුත් කළ ද ශිෂ්‍යාධාර ගෙවීම සඳහා ප්‍රතිපාදන ලබාදෙන ලද්දේ ශ්‍යාධාරලාභීන් 15,000කට අදාළව පමණි.

     

     

    04- මේ හේතුව නිසා ලකුණු 150ට වඩා ඉහළ ලකුණු ලබාගත් ශිෂ්‍යත්වයට ඉදිරිපත් වූ දරුවන් සැලකිය යුතු ප්‍රමාණයක්
    මානසික පීඩාවකින් පසුවන බව ඔබ පිළිගන්නේ ද?


    පිළිතුර-අදාළ නොවේ.ලකුණු 150ට නොව ඊට ආසන්න ලකුණේ සිට ලකුණේ සිට ලකුණු ලබාගත් සිසුන් රාශියක් මෙන් ම
            දක්වන ලද ලකුණු සීමාවට පහළ සිසුන් විශාල පිරිසක් සිටියි.දෙමව්පියන් විසින් මෙම ම ගුරුභවතුන් විසින් ද මෙම සිසුන්
            ශිෂ්‍යත්ව පරීක්ෂණය උදෙසා දිගු කලක සිට සූදානම් වන බැවින් සිසුන් තුළ මානසික වෙහෙසක් ඇතිවීම සිදු වෙයි.මේ
            තත්ත්වය අධ්‍යාපනය තුළ ගොඩනැගෙන වානිජමය ස්වභාවය මත ගොඩනැගෙන තත්ත්වයක් මත දන්වන අතර මේ
            සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදේශකත්වයෙන් රැස්වෙන කමිටුවේ දී ශිෂ්‍යත්ව විභාගය තබාගත යුතු ද නැද්ද
            කියලා තීරණයක් ලබාගත යුතුයි.දරුවන්ට මෙන් ම දෙමව්පියන්ට මේ තුළින්විශාල මානසික පීඩනයක් ගෙන දෙන නිසා.


    05-අධ්‍යාපන අමාත්‍යාංශය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රමාණය නීර්ණය කිරීමේ දී එළැඹි ස්ථාවරය හේතුවෙන් 05 ශිෂ්‍යත්ව
    දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුකර තිබෙන බව පිළිගන්නේ ද?


    පිළිතුර-අදාළ නොවේ.2008 වර්ෂයේ සිටම ලබාදි ඇති ශිෂ්‍යත්ව ප්‍රමාණය 15,000ක් වන අතර මෙම වර්ෂයේ දී ද ලබාදී
             ඇත්තේ එම සංඛ්‍යාව බැවින් අසාධාරණයක් සිදු නොවේ.

     

     


    06- ශිෂ්‍යත්ව සමතුන් වෙනුවෙන් පාසල්වල පුරප්පාඩු සංඛ්‍යාව ලබාගැනීමේ දී ඒ ඒ පාසලින් නිවැරදි අගයන් ලබා දී ඇති බවට
    සෑහීමකට පත්වන්නේ ද?


    පිළිතුර-ඔව්.විදුහල්පති විසින් සපයන තොරතුරුවලට අතිරේකව මෙම අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය විසින්
             අවශ්‍ය අවස්ථාවල දී කලාප නිලධාරීන් මඟින් ද මෙම පාසල් අධීක්ෂණයට ලක් කර 6 වන ශ්‍රේණිය සඳහා සත්‍ය වශයෙන්
             නිර්මාණය වන පන්ති සඳහා නියමිත ශිෂ්‍ය සංඛ්යාව යොමු කරනු ලැබේ.

     

     

    07- පහ වසර ශිෂ්‍යත්වයට මුහුණදුන් දරුවන්ට සිදු වූ අසාධාරනයට ඉදිරිපත් කරනු ලබන විසඳුම කුමක් ද ඒ කවදාද?

    පිළිතුර-අසාධාරණයක් වී නොමැත.කෙසේ වුවද ශිෂ්‍යත්ව පරීක්ෂණය සම්බන්ධයෙන් ඇති වී ඇති මෙම ගැටළුව
             සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණය ගැනීමට බලාපොරොත්තු වෙනවා.

     

     

    එහිදී තවදුරටත් අමාත්‍යවරයා පිළිතුරු දෙමින් තවදුරටත් ප්‍රකාශ කළේ,25,000 දක්වා වැඩි කිරීම හුදු මැතිවරණ
    පොරොන්දුවක් පමණයි.මේ සඳහා මුදල් වෙන් කර තිබුණේ නෑ.මේ සඳහා ශිෂ්‍යත්වයට ගණනය කරන්නේ අඩු
    ආදායම්ලාභීන්.ශ්‍යත්ව ආධාරය ලබාදීමට පමණයි කඩඉම් ලකුණ තීරණය කරන්නේ.2014 ශිෂ්‍යත්වය වෙන්කර තිබෙන්නේ
    15,000කට පමණයි.අපි කප්පාඩු කිරීමක් කර නෑ.පසුගිය රජයේ අයවැය මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ, එහි කුමක් සඳහන්
    වුවද මුදල් ප්‍රතිපාදන ලබාදී නැත.ඒ නිසා ගියවසරේ ලබාදුන් 15,000ටමයි මේ වසරෙත් ලබාදී තිබෙන්නේ. අපි පිළිගන්නවා
    ශිෂ්‍යාධාර වැඩිකරන්න ඕන.ඉතිහාසයේ වැඩිම මුදලක් අපි ප්‍රාග්ධන වියදම් ලෙස යොදලා තිවෙනවා යැයිද අමාත්‍යවරයා
    පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya