මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව අනාගත තිරසර සංවර්ධනයට වැඩකටයුතු කිරීම වැදගත්

    නොවැම්බර් 24, 2015

    රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් ඒකාබද්ධව අනාගත තිරසර සංවර්ධනයට වැඩකටයුතු කිරීම ඉතාම වැදගත් බවත් ග්‍රාමීය ආර්ථිකය තිරසාර මට්ටමකට ළඟා කර ගැනීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන බවත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කරයි.


    අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.


    අයවැයෙන් ගෝලීය පදනමක් තුළ ආර්ථිකයේ යහපත් පදනමක් සහිතව ගොඩනගන නාවෝත්පාද ඇති කරන්න මඟ පාදා තිබෙනවා.ණය බර වැඩි වීම නිසා වර්තමාන හා අනාගත ජනතාවට බර වැඩි වී තිබෙනවා.සමාජ සහයෝගීතාවය සමාජ සංවර්ධනයට වැදගත්. සහ සන්ධානය ඇතිකරගැනීම මගින් ආර්ථික සංවර්ධනයට යා හැකියි.

     

    රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් ඒකාබද්ධව අනාගත තිරසර සංවර්ධනයට වැඩකටයුතු කිරීම ඉතාම වැදගත්.සාර්ව ආර්ථික මූලධර්ම රටේ සංවර්ධනයට ඉතාම වැදගත්.ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරන ගමන් අපේ ප්‍රතිපත්ති තුළ කටයුතු කරනවා.පෞද්ගලික අංශය සංවර්ධනය කිරීමට අයවැය අවධානය යොමුකර තිබෙනවා.

     

    ග්‍රාමීය ආර්ථිකය තිරසාර මට්ටමකට ළඟා කර ගැනීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.අපනයනය පුළුල් කිරීම තුළින් සංවර්ධන වැඩසටහන් ඉදිරියට ගෙනි යන්න පුළුවන්.දිළිදු ජනතාවට මෙවර අයවැයෙන් සහන ලබාදී තිබෙනවා.තිරසාරත්වය ඇති කිරීම
    ඉතාම වැදගත්. ආර්ථික වර්ධනය වැඩිකිරීම තුළින් මධ්‍යකාලීන ප්‍රතිපත්ති භාවිත කිරීම හැකිවෙනවා.වියදම් කළමනාකරණයත් වැදගත්.යටිතල පහසුකම් වර්ධනය කිරීම මඟින් ව්‍යාපාරික ක්ෂේත්‍රයට විශාල ප්‍රයෝජන ගත හැකියි.

     

    ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුම් ඇති කරගත හැකියි.තොරතුරු තාක්ෂණ කර්මාන්තයත් වැදගත්. මානව සම්පත් සංවර්ධනයේ දී ඉතාම අල්ප දෙයක් අපිට කරලා තියෙන්නේ.අපට නිෂ්පාදන ඵලදායිතාව අතින් මලෙසියාව තායිලන්තය වගේ ශ්‍රමබලකයක් නෑ.විශ්වවිද්‍යාල, තාක්ෂණ ආයතන, නවීන ලෙස කටයුතු කිරීමට සිදුවෙනවා. අධ්‍යාපනයේ ගුණාත්මක තාවය ඉහළ දැමීමට සිදුවෙනවා.රට සංවර්ධනය සඳහා එකට එකතු වෙන්න යැයි ද අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya