මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමට ඇති තරගය කඩිනමින් අවසන් කරනවා - ජනපති

    නොවැම්බර් 24, 2015

    පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමට පවතින තරගය කඩිනමින් අවසන් කිරීම නව රජයේ අරමුණ බව ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

    පාසල්වලට එක සමාන වරප‍්‍රසාද සහ පහසුකම් ලබාදෙමින් මානව සම්පත් සහ භෞතික සම්පත් සංවර්ධනය කිරීම නව රජයේ අරමුණ බව පැවසූ ජනධිපතිතුමා ඒ සඳහා රජයේ පළමු අය වැය තුළින්ම විශාල මුදලක් වෙන් කර ඇති බවද සඳහන් කළේය.

     

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ සහීරා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ (23) පස්වරුවේ එක් වෙමිනි.

     

    විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගත්හ. විද්‍යාලයේ ශිෂ්‍ය භට බලකායේ ආචාරය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

     

    ත්‍යාග ප‍්‍රදානෝත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ඇති, නැති සියලූදෙනාට අධ්‍යාපනය ලැබීමට දිවයිනේ සෑම පාසලකම දොරටු විවෘත කිරීම ඉතා අත්‍යාවශ්‍ය බවයි.

     

    එමෙන්ම රට තුළ සියලූදෙනා අතර සහෝදරත්වය සහ විශ්වාසය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ තුළ සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස පාසල් වෙන් කිරීම අවශ්‍ය නොවන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

     

    විද්‍යාලයේ දක්ෂතා දැක්වූ සිසුන්ට තිළිණ හා සම්මාන ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, කොළඹ නගරාධිපති, ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුන්ද විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් ද ත්‍යාග ප‍්‍රදානෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya