මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල සහ මහනුවර අතර නව සංචාරක කලාපයක් - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය

    මැයි 10, 2024

    කෑගල්ල සහ මහනුවර අතර නව සංචාරක කලාපයක් පිහිටුවීමට සැලසුම් සකස් කරන බව විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.ඊයේ(09) පැවති මාධ්‍ය හමුවකට එක්වමෙින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    යෝජිත පින්නවල කිතුල්ගල සංචාරක කොරිඩෝවට සමගාමීව මෙම කලාපය නිර්මාණය කරන බවත්, බුලත්කොහුපිටිය, අරණායක, මාවනැල්ල, නාවලපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ඇතැම් වසම් සම්බන්ධ කරමින් සංචාරක කලාපය සැදීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසිය.

    ඒ අනුව සංචාරක අධිකාරිය සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව එක්ව මේ කටයුත්ත සඳහා ප්‍රධාන සැලැස්මක් සුන්දර කෑගල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් සකස් කරන ලෙස උපදෙස් ලබා දී තිබෙන බව ද හෙතෙම මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya