මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාණ ඇපයේ සිටි දරුවන් මුදා ගැනීම සඳහා දායක වූ පොලිස් විශේෂ කාර්යය බළකා නිළධාරීන් හට පොලිස්පති ප්‍රශංසා සහ ත්‍යාග ප්‍රදානය කෙරේ

    මැයි 10, 2024

    තම ජිවිත අවදානම ද නොතකා පොලිස් විශේෂ කාර්යය බළකා නිළධාරීන් විසින් කිසිඳු දේපොළ හෝ ජිවිත අවදානම ද ගැන ද නොතකමින් ප්‍රාණ ඇපයේ සිටි දරුවන් දෙදෙනා මුදා ගනිමින් සිදු කළ සේවය අගයමින් පොලිස්පති ප්‍රශංසා සහ ත්‍යාග ප්‍රදානය කිරීම ඊයේ (09) දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

    හංවැල්ල පොලිස් වසමේ ජල්තර නිවාස සංකීර්ණය තුළ පවුල් ආරවුලක් මත 2024.05.05 දින දරුවන් දෙදෙනකු ප්‍රොණ ඇපයට තබො ගනිමින් ප්‍රාණ ඇපයට තබා ගනිමින් බෝම්බයක් පුපුරවා ගැනීමට තැත් කරන ලද පුද්ගලයෙක් පිලිබඳ ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්යය බළකා නිළධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර එහිදී පොලිස් විශේෂ කාර්යය බළකා නිළධාරීන් විසින් පරික්ෂා කරන ලද්දා අවස්ථාවේ එම ජීව අත් බෝම්බයේ ආරක්‍ෂිත අගුල ඉවත් කර ඇති බව ද නිරීක්ෂණය වී තිබේ.

    මෙහි දී නියෝජ්‍ය පොලිස්පති එම.කේ.බි.එස්.එන්. ගුණරතන හා පොලිස් අධිකාරී වී.ජි.ඩි.එස්. සමරනායක මහතා ඇතුළු නිළධාරීන් 09 දෙනකුට පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 750,000 ක් සහ පොලිස්පති ප්‍රශංසා 02 ක් පිරිනමන ලදී. 

    මෙම අවස්ථාවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , පොලිස් විශේෂ කාර්යය බළකා අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන රන්මල් කොඩිතුවක්කු යන මහත්වරු සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya