කුඩා සහ විශාල ව්‍යාපෘති ගණනාවක් 2014 අවුරුද්දේ ප්‍රතිපාදන නැතිව ආරම්භ කර තිබෙන බවත් එය විශාල ප්‍රශ්නයක් බවට පත් වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉදිරි කාලයේ දී ස්වාධීන කොමිෂන් ශක්තිමත් කර දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමට අධිෂ්ඨාන කරගත යුතු යැයි සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
අයවැය රටේ ආර්ථික අර්බුදය ආමන්ත්‍රණය කිරීමට ඉලක්කගත වූවක් බවත් දූෂණය නැමැති උවදුර නැති කිරීමට විශේෂ නීති අවශ්‍ය බවත් පවතින නීතිවලට වඩා අලුත් නීති ඒ සඳහා ගෙන ආ යුතු බවත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ඉදිරි දින වලදී දිවයිනේ, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වල, වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.