උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වල සහ හම්බන්තොට දිස්ත්රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්රදේශවල සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව අද (27) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.