මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථික අර්බුදය ආමන්ත්‍රණය කිරීමට ඉලක්කගත වූ අයවැයක්-විපක්ෂ නායක

    නොවැම්බර් 27, 2015

    අයවැය රටේ ආර්ථික අර්බුදය ආමන්ත්‍රණය කිරීමට ඉලක්කගත වූවක් බවත් දූෂණය නැමැති උවදුර නැති කිරීමට විශේෂ නීති අවශ්‍ය බවත් පවතින නීතිවලට වඩා අලුත් නීති ඒ සඳහා ගෙන ආ යුතු බවත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ පස්වැනි දින විවාදය ආරම්භ කරමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසී ය.

     

    මේ රට ටික කාලයක් පාලනය කළේ, පවුලේ උරුමයක් විදියටයි.හැම දෙයම තීරණය කළේ, පවුලේ සාමාජිකයෙක්.අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වී ශක්තිමත් ආණ්ඩුවක් හැටියට කටයුතු කරනවා.

     

    රටේ යහපත සඳහා තමන්ගේ මතවාද ඉවතදමා සිටීම වැදගත් ලක්ෂණයක්.ඉදිරිපත් කර තිබෙන අයවැය රටේ ආර්ථික අර්බුදය ආමන්ත්‍රණය කිරීමට ඉලක්ක ගත වූවක්.නාස්තිය සහ අධික වියදම පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි.මෙම නාස්තිය, අධික වියදම, පිරිවැය දරන්න සිදුවන්නේ මේ රටටයි.ඒ බව අති විශාලයි.නාස්තිය සහ අධික වියදම සහ දූෂණය මුලිනුපුටා දැමීම අත්‍යාවශ්‍යයි යැයි ද විපක්ෂ නායකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya