සමාජය දියුණු කිරීමට නම් ආර්ථිකය දියුණු විය යුතු බව තිරසාර සංවර්ධන හා වනජීවී සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
තාවකාලික පැලැස්තර නැති රට ඉදිරියට ගෙන යන රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරනවා යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
රටක් සංවර්ධනය වීමට නම් මානව සම්පත සංවර්ධනය කළ යුතු බවත් මෙවර අධ්‍යාපනයෙන් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට විශාල මුදලක් වෙන් කර තිබෙන බවත් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි.
මුළු මහත් ජනතාවගේ සෑම සමාජ තීරුවක් ගැනම වෙන වෙනම අයවැයෙන් සාකච්ඡා වී තිබෙන බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.