මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක් සංවර්ධනය වීමට නම් මානව සම්පත සංවර්ධනය කළ යුතුයි

    නොවැම්බර් 27, 2015

    රටක් සංවර්ධනය වීමට නම් මානව සම්පත සංවර්ධනය කළ යුතු බවත් මෙවර අධ්‍යාපනයෙන් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට විශාල මුදලක් වෙන් කර තිබෙන බවත් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ පස්වැනි දින විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (27)
    පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    විවිධ ජනකොටස් ආවරණය වන පරිදි අයවැය ඉදිරිපත් කර තිබෙනවා.ජනතාව ණය උගුලකට හසු කරන්නේ නැතිව නම්‍යශීලීව කටයුතු කර තිබෙනවා. ආයෝජනයට තිබෙන බාධා ඉවත් කිරීම හොඳ පියවරක්.


    රටේ සංවර්ධනයට මානව සම්පත සංවර්ධන කළ යුතුයි. පසුගිය රජය අධ්‍යාපනයට වෙන් කළ මුදල් අඩුකළා. ඉතිහාසයේ ප්‍රථමවරට විශ්වවිද්‍යාල ආචාර්යවරු ,සිසුන් උද්ඝෝෂණය කළා, අධ්‍යාපනයට මුදල් වැඩි කරන්න කියා. එහෙත් ආණ්ඩුව කන් දුන්නේ නෑ.

    පාසල් සනීපාරක්ෂක පහසුකම් ලබාදී තිබෙනවා. අධ්‍යාපනයට හා සෞඛ්‍යයට අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya