දුම් පරීක්ෂා කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා වූ රුපියල් 5000ක ගාස්තුව ත්‍රී රෝද රථවලට සහ යතුරු පැදිවලට අයකර නොගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
නිශ්චිත ඉලක්කයක් මත පවුලේ ආදායම ශක්තිමත් කරන ක්‍රියාදාමයකට යා යුතු බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
රටේ අනාගතය ගැන සිතා අයවැය ඉදිරිපත් කර තිබෙන බවත් ග්‍රාම රාජ්‍ය වැඩපිළිවෙළ මඟින් ග්‍රාම රාජ්‍ය තුළ සියලු විසඳුම් ලබාදෙන වැඩපිළිවෙලක් අයවැයේ ඉදිරිපත් කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු සෑම ක්ෂේත්රයක්ම ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් වැඩි මුදලක් ලබාදී ඇති බවත් සමාජ සුබසාධනය මෙම අයවැයෙන් අමතක කොට නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.