මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ අනාගතය ගැන සිතා ඉදිරිපත් කළ අයවැයක්- අමාත්‍ය වජිර අබේවර්ධන

    නොවැම්බර් 23, 2015

    රටේ අනාගතය ගැන සිතා අයවැය ඉදිරිපත් කර තිබෙන බවත් ග්‍රාම රාජ්‍ය වැඩපිළිවෙළ මඟින් ග්‍රාම රාජ්‍ය තුළ සියලු විසඳුම් ලබාදෙන වැඩපිළිවෙලක් අයවැයේ ඉදිරිපත් කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

     

    වසර 1994 පසුව එකම නිදහස් වෙළඳ කලාපයක්වත් ආරම්භ කරන්නට හැකි වුණේ නෑ.අලුත් ආර්ථික දර්ශනය තුළ රැකියා දස ලක්ෂයක් ආරම්භ කරන බව කියා තිබෙනවා.අධ්‍යාපනය වෙනුවෙන්,සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් මිලියන හාරදහසක් වෙන් කර තිබෙනවා.

     

    රටක් හැටියට ආර්ථිකය කොහොමද හසුරුවන්නේ කියලා කල්පනා කරන්න වෙයි. වී අතිරික්තයක් ඇති වුණා. වී වල පර්යේෂ අංශය දියුණු කර ලෝකයට අවශ්‍ය වී සහ හාල් නිෂ්පාඅදනය කරන්නේ කොහොමද කියලා බලනවා.අයවැය ඉදිරිපත් කරන්නේ රටේ අනාගතය ගැන හිතලයි.ලොකු පිම්මක් සඳහා මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya