මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය, අධ්‍යාපනය ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් වැඩි මුදලක් ලබාදී තිබෙනවා

    නොවැම්බර් 23, 2015

    සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් වැඩි මුදලක් ලබාදී ඇති බවත් සමාජ සුබසාධනය මෙම අයවැයෙන් අමතක කොට නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.


    මේ අයවැය ලේඛනය පිළිබඳ යම් විශ්ලේෂණයක් කිරීම අවශ්‍යයි.මධ්‍යකාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් මේ අයවැයේ තිබෙනවා.

    රටේ සැබෑ ආර්ථික ස්වාභාවය අමතක කර අයවැය ගැන කතා කරන්නට නොහැකියි.ජනතාව බලාපොරොත්තුවන සියලු සහනාධාර සියලු පඬි වැඩිකිරීම් කරලා අයවැය හදන්න බෑ. එය සකස් කළ යුත්තේ රටේ සැබෑ ආර්ථික ස්වාභාවය අනුවයි.

    ආසියාවේ හොදම සෞඛ්‍ය සේවය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ.සෑම රජයක්ම නිදහස් සෞඛ්‍ය සේවය සඳහා පියවර ගත්තා.ඒ නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන්නට මෙවර අයවැයෙන් පියවර ගෙන තිබෙනවා.

    අයවැය මඟින් ගුරු නිවාස ප්‍රශ්නයට විසදුමක් ලබාදී තිබෙනවා. ඒ නිසා දුෂ්කර පළාත්වලට ගුරුවරු යැවීමට පහසුකම් ඇතිවෙනවා.පාසල්වල සනීපාරක්ෂාව සඳහා මුදල් වෙන්කර තිබෙනවා. අතහැර දැමූ පාසල් වෙනුවෙන් විශාල මුදලක් ලබාදී තිබෙනවා.


    සිවිල් ගුවන්සේවයේ විශාල වැඩකොටසක් සිදු කරමින් යනවා. විවෘත අහස් ප්‍රතිපත්තියක් තිබෙනව. සියලු පාර්ශව සාකච්ඡා කරලා, විවෘත අහසක් පිළිබද ප්‍රතිපත්තිය සකස් කළ යුතුයි.ලංකා ගමනා ගමන මණ්ඩලයේ අර්ථ සාධක මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් සකස්
    කරනවා.

    මත්තල ගුවන්තොටුපල ඵලදායි ගුවන්තොටුපලක් සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ගුවන් තොටුපලට ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට වැඩපිළිවෙලක් කරනව.මත්තල ගුවන්තොටුපල කළ ආයෝජනයේ ප්‍රතිලාභ ලබාගත යුතුයි යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya