මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිශ්චිත ඉලක්කයක් මත පවුලේ ආදායම ශක්තිමත් කළ යුතුයි

    නොවැම්බර් 23, 2015

    නිශ්චිත ඉලක්කයක් මත පවුලේ ආදායම ශක්තිමත් කරන ක්‍රියාදාමයකට යා යුතු බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

     

    පසුගිය කාලේ නිෂ්පදන ප්‍රතිලාභ කුඨුම්භයට ගලා ආවේ නෑ.පවුලේ ආදායම වර්ධනය නොවීම අර්බුදයක්.මේ නිසා පවුලේ ආදායම ශක්තිමත් කරන ක්‍රියාදාමයකට යා යුතුයි.

    ජාත්‍යන්තර වටපිටාව කුමක් ද ආනායනය සැලසුම් කිරීම අප විසින් අනුගමනය කළ උපායමර්ග ගැන සිතිය යුතුයි.රටට අලුත් ආයෝජන හා මූල්‍ය සංචිත ශක්තිමත් කිරීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා. මෙවැනි ජාත්‍යන්තර වටපිටාවක් තුළයි අපගේ අපනයනය ශක්තිමත් කිරීම රුපියල ශක්තිමත් කිරීමට තියෙන්නේ.

    අපේ අලුත් ආණ්ඩුව ආවට පස්සේ දැක්කා සඟව තිබූ ණය බරක් තිබුණු බව. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවයේ ආයෝජන ප්‍රාග්ධනය බරපතල ලෙස කඩා වැටී තිබුණා.සියයට 250ක් අධ්‍යාපනයට සහ සෞඛ්‍ය සේවයට ප්‍රාග්ධන ආයෝජනය ඉහළ දමා තිබෙනවා.

     

    අපනයන වෙළඳපොළ සොයා යෑමේ අභියෝගය අප සතුව තිබෙනවා.ආනයනය සීමා කිරීමට බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික වාහන 60,000ක් ඇවිත් තිබෙනවා. දැඩි වාහන තදබදයක් ඇතිවෙලා.මෙය පාලනය කළ යුතුයි.පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ
    යුතුයි. කෙතරම් කටුක වුවත් පෞද්ගලික ප්‍රවාහනය අධෛර්යමත් කළ යුතුයි.

     

    රටේ සක්‍රීය රැකියා දස ලක්ෂයක් ඇති කරන්නට සෑම දෙනාම දායකවිය යුතුයි.සුදුසු ශ්‍රමිකයන් විදේශගත වීම පාලනය කළ යුතුයි.මේ රට තුළ සිටින වෘත්තිකයන්ට ගමන් මඟක් සලස්වන්නට අවශ්‍යයි.දැන් නවොත්පාදනයේ යුගයක් ඇති වී තිබෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya