විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ තෙවැනි දිනය අද (23) පර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.
සමාජ ආර්ථික කාරණා පිළිබඳව අපිට මායාවන් තිබුණේ නෑ. අපේ අවධානය යොමු වන්නේ,සමාජ සාධාරණත්වය වෙතටයි''යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා පවසයි
අපේ ජනතාවට සාධාරණ ජීවිතයක් ලබාදෙන්න නම් අනිවාර්යෙන් ම අලුත් ප්‍රවාහයට එකතු විය යුතු බවත් අයවැය තුළින් නව ප්‍රවිෂ්ඨයක් දකින බවත් ජාත්‍යන්තර ආර්ථිකයත් සමඟ බද්ධ වී අපි ඉදිරියට යා යුතු බවත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
රටේ තරුණ තරුණියන්ට බලාපොරොත්තු සහිත වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවත් මේ රටේ විශ්වවිද්‍යාලවල අවශ්‍ය කරන රැකියා සඳහා පාඨමාල සකස් විය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසී ය.