මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවට සාධාරණ ජීවිතයක් ලබාදෙන්න නම් අනිවාර්යෙන් ම අලුත් ප්‍රවාහයට එකතු විය යුතුයි

    නොවැම්බර් 23, 2015

    අපේ ජනතාවට සාධාරණ ජීවිතයක් ලබාදෙන්න නම් අනිවාර්යෙන් ම අලුත් ප්‍රවාහයට එකතු විය යුතු බවත් අයවැය තුළින් නව ප්‍රවිෂ්ඨයක් දකින බවත් ජාත්‍යන්තර ආර්ථිකයත් සමඟ බද්ධ වී අපි ඉදිරියට යා යුතු බවත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

     

    මුදල් ආයෝජනය කර නැවත වරක් පර්යේෂණ අංශය, නිෂ්පදන අංශය හොඳ තැනකට යා හැකියි.මේ රට ඉදිරියට ගෙනයන්න නම් මෙවැනි ආයෝජන කරන්න ඕන.ඒකාබද්ධ කළ ගම් 2500ක් අපනයනය මූලික වූ ග්‍රාමීය ඒකක 2500ක් හදන්න සැලසුම් කරලා,ඒ
    සඳහා විශාල මුදලක් වෙන් කර තිබෙනවා.


    නවීන තාක්ෂණය මේ අර්ථිකයට කා වැද්දීම සඳහා මිලියන 10,000ක් වැය කරනවා.අපි අනාගතය දෙස බලා අපේ ශ්‍රම හමුදාව සකස් කළ යුතුයි.අර්බුදයක් තිබෙනවා, අධ්‍යාපන ක්‍රමය තුළින් එළියට එන අය, ඉගැන්වීමේ පරිසරය තුළ අනාගතයේ ඇතිවන තාක්ෂණික අබෑර්තු සඳහා නියම පුහුණුවක් නෑ. එය අපි ලබාදිය යුතුයි.

    ග්‍රාමීය නිවාස සඳහා මිලියන 4500ක් වෙන් කර තිබෙනවා. අද වැසිකිළි නැති ගම්බද පාසල් තියෙනවා.අයවැයේ හොඳ නරක විභාග කරනකොට කොච්චර මුදල් වැය කරනවාද කියන එකට අපි මුහුණදෙන්න ඕන.

     

    මේ සංවර්ධනය රාජ්‍ය ආයෝජනය තුළින්ම කළ යුතු යැයි බොහෝ දෙනෙක් හිතනවා. ඔය ලස්සන සිහින ක්‍රියාත්මක කරන්න කොහෙන්ද සල්ලි ගන්නේ.දේශීය වශයෙන් ඒ සල්ලි ගන්න බෑ.සැලසුම් සහගත ලෙස අපිට විදේශ ආයෝජනය ගන්න වෙනවා.

     

    චීනය,වියට්නාමය කොයිතරම් ඒ අයගේ ප්‍රතිපත්ති වෙනස් කර තිබෙනවාද?ආයෝජකයන් පිළිබඳ ප්‍රතිපත්ති විවෘත කිරීම චීයට වඩා වෙන රටකින් ආදර්ශයක් ගන්න බෑ.එය දැනගන්න ඕන.

     

    අපිට වෙන විකල්පයක් නෑ විදේශ ආයෝජන නොගෙන.ඉන්දියාවේ නව රජය ආයෝජනයේ නීති වෙනස් කළා. අපේ දරුවන්ට හොඳ රැකියා, හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි.ආර්ථිකය දියුණු වීම තුළින් අවසානයේ ආයෝජනයෙන් තමයි හොඳ ජීවන තත්ත්වයක් ලැබෙන්නේ.භාණ්ඩ මිලදී ගන්නා රටවල් සමඟ හොඳ හිත තබා ගත යුතුයි.අපිට බටහිට සමඟ ගණුදෙණුවක් කරන්න සිදු වෙනවා කවුරු කැමැති වුවත් අකමැති වුවත්.

     

    අනාගතයේ ලොකු අභියෝග එනවා.මේ රටේ වෙළඳපොල බොහොම පොඩියි.අපේ රටත් ලොකු වෙලඳපොල සමඟ සම්බන්ධ වී වැඩකළ යුතුයි.අපේ ජනතාවට සාධාරණ ජීවිතයක් ලබාදෙන්න නම් අනිවාර්යෙන් ම අලුත් ප්‍රවාහය එකතු විය යුතුයි.මේ අයවැය තුළින් නව ප්‍රවිෂ්ඨයක් දකිනවා.අපි ජාත්‍යන්තර ආර්ථිකයත් සමඟ බද්ධ වී ඉදිරියට යා යුතුයි.දුප්පත්කමින් එළියට යන්න නම් නිර්මාණශීලීව ජාත්‍යන්තර නව වෙලඳපොලට යන්න යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya