මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇන්ටන් චෙකොෆ් මහතා දිවයිනට පැමිණ වසර 125 ක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක්

    නොවැම්බර් 23, 2015

    ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යවේදියෙකු හා නාට්‍යකරුවකු වන ඇන්ටන් චෙකොෆ් මහතා දිවයිනට පැමිණ වසර 125 ක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

    ශී‍්‍ර ලංකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවා මහතා විසින් සමරු මුද්දරය සහ මුල් දින කවරය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    සරත් ලාල් කුමාර මහතා විසින් රචිත, චෙකොෆ් එතරම්ම ශී‍්‍ර ලංකාවට සුවිශේෂයි, ග‍්‍රන්ථය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර රුසියානු මධ්‍යස්ථානය විසින් ප‍්‍රකාශයට පත් කළ සගරාවද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    එමෙන්ම මහාචාර්ය හේමන්ත සිරිසේන මහතා විසින් සම්පාදනය කරන ලද සිංහල රුසියානු ශබ්ද කෝ්ෂයද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

     

    රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ් 1890 නොවැම්බර් 12 වනදා ශී‍්‍ර ලංකාවට පැමිණි අතර ලංකාවට එමින් සිටියදී නැවේදී දුටු දර්ශනයන් මෙන්ම කොළඹ අවට විස්තර එක්රැුස් කර, ගුසේව්, යනුවෙන් කතාවක්ද ලියා ඇත.

     

    මොහුගේ කෘති අතුරින් සිංහලයට නගා ඇති කෘති අතර තුන් අවුරුද්ද, පළගැටියා, හයේ වාට්ටුව, ද්වන්ධ සටන, නිරස කථාවක්, බෝදිලිමා, චෙරි උයන සහ මුහුදු ලිහිණියා නාට්‍යයද වේ.

     

    සමරු මුද්දරය එළිදැක්වීමේ අවස්ථාවට තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්, නියෝජ්‍ය අමාත්‍ය ඩුලීප් විජේසේකර, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විමලසිරි පෙරේරා, තැපැල්පති ඞී.එල්.පී.ආර්. අබේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya