මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසාර සංහිඳියාවක් සඳහා නව රජයේ කැපවීම පැහැදිළියි – එ.ජා.ස. ඇමරිකානු තානාපතිනි

    නොවැම්බර් 23, 2015

    රට තුළ තිරසාර සංහියාඳිවක් ඇති කිරීම සඳහා පසුගිය මාස 10 තුළ නව රජය කළ කැපවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපතිනි සමන්තා පවර් මහත්මියගේ ඇගයීමට ලක් වෙයි.

    දිවයිනට පැමිණ සිටින සමන්තා පවර් මහත්මිය අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අතර එහිදී එතුමිය මේ බව ප‍්‍රකාශ කළාය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

     

    සංහිඳියා වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමේදී නව රජය ඉතා විශ්වාසවන්ත සහ පිළිගතහැකි අයුරින් එම කටයුතු සිදු කරන බව පැවසූ තානාපතිනිය එම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන නිලධාරින් සහ ආයතන අතර සබඳතා මීට වඩා පුථල් කරගත හැකිනම් යහපත් බවද පෙන්වා දුන්නාය.

     

    රට තුළ සිදු කරමින් තිබෙන නව සංශෝධන තමා ඉතා අගය කරන බව පැවසූ සමන්තා පවර් මහත්මිය එමගින් රට තුළ නව පිබිදීමක් ඇති වී තිබෙන බවද ප‍්‍රකාශ කළාය.

     

    අපි‍්‍රකාවේ සහ ආසියාවේ නායකයින් බොහෝ විට තම බලය සංකේන්ද්‍රණය කර ගැනීමට උත්සාහ දරද්දී ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා බලය අතහැරීමට කටයුතු කිරීම ඉතා අගය කළයුත්තක් බවද එතුමිය සදහන් කළාය. එමෙන්ම එය ලෝක නායකයින්ට ආදර්ශයක් බවද කියා සිටියාය.

     

    රට තුළ සිදු කරන නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ තුළින් නිසැකවම ආර්ථික ප‍්‍රතිලාභද ලැබෙනු ඇති බව සඳහන් කළ තානාපතිනිය එමගින් ශී‍්‍ර ලංකාවට පහන් ටැඹක් සේ නැගී සිටිමට හැකිවනු ඇති බවද ප‍්‍රකාශ කළාය.

     

    ශී‍්‍ර ලංකාවේ නව වැඩපිළිවෙළ පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රජාව දැඩි උනන්දුවකින් බලා සිටින්නේයැයිද තානාපතිනිය සඳහන් කළාය.

     

    ශී‍්‍ර ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ඇමරිකාව ලබාදුන් සහය මෙහිදී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඇගයීමට ලක් විය. එම සංහිඳියා කි‍්‍රයාදාමය සත්‍ය ගවේෂණය, හානිපූර්ණය, යුක්තිපූර්ණය, නැවත සිදුවීම වළක්වා ගැනීම යන මූලධර්ම මත පදනම්ව සිදු කරන බවද ප‍්‍රකාශ කළේය.

     

    බොහෝ කාලයක් තිස්සේ අර්බුදයකට මුහුණපා සිටි රටක් ලෙස මෙවන් කාර්යයන්හිදි විවිධ අදහස් ඇති කණ්ඩායම් සමග කටයුතු කිරීමට සිදුවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එහිදී මතුවන අදහස් අතර විෂමතා ඇති බවත් එහිදී රජයක් වශයෙන් ඉතා ඉවසීමෙන් කටයුතු කිරීමේ වගකීම නව රජයට ඇති බවත් ප‍්‍රකාශ කළේය.

     

    රටේ නිදහස තහවුරු කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම, දිළිදුකම පිටුදැකීම වැනි කරුණු සම්බන්ධයෙන් පසුගිය මාස 10 තුළ රජය කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙළ ප‍්‍රගතිය පිළිබඳ  මෙහිදී ජනාධිපතිතුමා තානාපතිනිය දැණුවත් කළේය.

     

    විධායක ජනාධිපති ධූරය වටා සංකේන්ද්‍රණය වී ඇති බලය පාර්ලිමේන්තුවට සහ ස්වාධින කොමිෂන් සභා වෙත බෙදා හැරීමට හැකි වූ බවද ජනාධිපතිතුමා පැවසීය.සංහිඳියා වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමේදී ශී‍්‍ර ලංකාව ඒ වෙනුවෙන් කර ඇති කැපවීම පිළිබඳවද සදහන් කළ ජනාධිපතිතුමා උතුරේ ඉඩම් නිදහස් කිරීම, නැවත පදිංචි කිරීමේ කටයුතු මෙන්ම එම පළාත්වල සංවර්ධන කටයුතු පිළිබඳවද රජය දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටින බව කියා සිටියේය.

     

    විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ විදේශ කටයුතු පිළිබද ජනාධිපති උපදේශක ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන්ද මෙහිදී කෙටි පැහැදිළි කිරිම් සිදු කළහ.

     

    ශී‍්‍ර ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya