මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ තරුණ තරුණියන්ට බලාපොරොත්තු සහිත වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා

    නොවැම්බර් 23, 2015

     

    රටේ තරුණ තරුණියන්ට බලාපොරොත්තු සහිත වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවත් මේ රටේ විශ්වවිද්‍යාලවල අවශ්‍ය කරන රැකියා සඳහා පාඨමාල සකස් විය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසී ය.


    අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

     

    රටක් ලෙස අයවැයේ තිබෙන කාරණා විවිධ පුද්ගල,සමාජ කොට්ඨශ,ක්ෂේත්‍රවලට බලපාන යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ.සමහර ඒවා පිළිබඳ දැඩි ලෙස විවාද කළත් රටක් විදියට දිශානිතියකට ගමන් කරමින් සිටින්නේ.

     

    අපිට ප්‍රශ්නයක් තිබුණා රැකියා සම්බන්ධව.තරුණ පරපුර අතර දැඩි රැකියා හිඟයක් උද්ගත වී තිබුණා.මේ අයවැය තුළ දේශපාලඥයන් පසුපස නොයන මේ රටේ තරුණ තරුණියන්ට බලාපොරොත්තු සහිත වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.කොහොම හරි බලන්නේ රජයේ රැකියාවක්. අතුගාන්න වුණත් කමක් නෑ. මෙයට හේතුව විශ්‍රාම වැටුපයි.

     

    අපේ සංචාරක කර්මාන්තය ක්‍රමාණුකූලව දියුණු කළ යුතුයි.සංචාරක කර්මාන්තය ඉහළට ගෙන ආ හැකියි.දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන ගමන් මේ රටේ විශ්වවිද්‍යාලවල අවශ්‍ය කරන රැකියා සඳහා පාඨමාල සකස් විය යුතු බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya