මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ අවධානය යොමු වන්නේ,සමාජ සාධාරණත්වය වෙතටයි

    නොවැම්බර් 23, 2015

    සමාජ ආර්ථික කාරණා පිළිබඳව අපිට මායාවන් තිබුණේ නෑ. අපේ අවධානය යොමු වන්නේ,සමාජ සාධාරණත්වය වෙතටයි''යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා පවසයි

    මන්ත්‍රීවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.


    සමාජ ආර්ථික කාරණා පිළිබඳව අපිට මායාවන් තිබුණේ නෑ.අපේ අවධානය යොමු වන්නේ,සමාජ සාධාරණත්වය වෙතයි.සමාජ යටිතල පහසුකම් අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය ආදී කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරලා,රටේ ජනතාවට අදහස් කියා සිටියා.


    රටේ සෑම ශිෂ්‍යයකුටම නවීන පන්ති කාමරයක් හැදීම වැදගත්.මේවා ලබාදිය යුත්තේ නගරයේ පාසල්වලට පමණක් නොවේ.අද ගම හා නගරය අතර වෙනස එදාට වඩා වෙනස්.ගම්වල පාසල්වලට මෙතරම් මුදලක් වෙන් කිරීම පිළිබඳ ප්‍රසංශා කරනවා.

    සමාජ සාධාරණත්වය දෙන්නට නම්,අපි සමාජමය බර දැරිය යුතුයි.සෞඛ්‍යයට මුදල් ප්‍රමාණය වැඩි කිරිම පිළිබඳව මම සතුටු වෙනවා.

    මහජන ප්‍රවාහනය පිළිබඳව මීට වඩා අවධානයක් යොමු කළ යුතුයි.නිෂ්පාදනයේ වැදගත් කොටසක් ලෙස ප්‍රවාහනය සැළකිය යුතුයි.සමාජ ජීවිතයට ,සංස්කෘතික ජීවිතයට අපට ප්‍රවාහනය අවශ්‍යයි. පැය ගණනක් අපේ නාස්ති වෙනවා මේ රෝද මත. දියුණු රටවල නගරවල, සුළු නගරවල,ඔවුන් ඔවුන්ගේම බස් සේවා මඟින් විශාල සේවයක් සළසනවා. මේ රටේ ආර්ථිකයට විශාල සේවයක් කළ ජ්‍යෙෂ්ඨ
    පුරවැසියාට,විශ්‍රාම වැටුප් නොලබන පුරවැසියාට යම් කිසි ආරක්ෂාවක් ලැබිය යුතුයි''යැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya