මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ සහිරා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානය කෙරේ

    නොවැම්බර් 23, 2015

    වර්ෂ 1892 දී ඇරඹී කොළඹ සහිරා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අද (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමාව සිසුන් විසින් මහත් හරසරින් පිළිගැනුණු අතර විද්‍යාලයීය ශිෂ්‍යභට බලකායේ ආචාරය ජනාධිපතිතුමා වෙත පිරිනැමිණි.

    දක්ෂතා දැක්වූ සිසුන්ට තිළිණ හා සම්මාන ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණි.

    උත්සවය ඇමතු ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ රටතුළ සියලු දෙනා අතර සහෝදරත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ වත්මන් වැඩ පිළිවෙල තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, ලෙසින් පැසල් වෙන්කිරීම අනවශ්‍ය බවයි.

    අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.පවුසි, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් යන මහත්වරුන් ද විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya