සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැදී සිටිමින් විවිධ ආගම් ප්‍රචාරය කිරීම, විවිධ රැකියා හා ව්‍යාපාරවල නිරතවීම සහ ජමාජ විරෝධී කටයුතුවලට සම්බන්ධ වීම හේතුවෙන් 2015 වසර තුළ අත් අඩංගුවට ගත් සංචාරකයින් සංඛ්‍යාව 402ක් බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පැවසී ය.
විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ, අයවැය විශේෂ කාරක සභාවට යොමු කළ අමාත්‍යාංශ වැයශීර්ෂ සලකා බැලීම අද (17) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරේ.
වෘත්තීය ජනමාධ්‍යවේදීන් නිරන්තරයෙන් අපහසුවට පත්වීම වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් මාධ්‍යවේදීන්ගේ වෘත්තීමය අයිතිවාසිකම් තහවුරු කරමින් කුසලතාව වැඩිදියුණු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
බීමට සුදුසු ලෙස ජලය පිරිසිදු කිරීම සඳහා චීන රජයේ ආධාර ඇතිව අධිතාක්ෂණය යොදා ගැනෙන අලුත් පර්යේෂණාගාරයක් මහනුවර ඉදිකිරීමට බලාපොරොත්තු වන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කරයි.