අමාත්‍යවරයා අද (16) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශ වැයශීර්ෂයේ අඳහස් දක්වමිනි.
අධික පරිසර දූෂණය හේතුවෙන් ජල මූලාශ්‍ර හා ගංගාද්‍රෝණි පිරිසිදු පානීය ජලය සැපයීමට විශාල බාධවක් වී තිබෙනවා.ඝන අපද්‍රව්‍ය හා
නාගරික අපද්‍රව්‍ය හේතුවෙන් සියලු ජල ප්‍රභවයන් දූෂණය වී තිබෙනවා.
වගාව සඳහා භාවිතා කරන පොහොර, කෘමිනාශක,වල් නාශකවල බලපෑම නිසා බීමට සුදුසු තත්ත්වයට ජලය පිරිසිදු කිරීමට අධිතාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය වී තිබෙනවා.මේ පිළිබඳව චීන රජයේ ආධාර ඇතිව අලුත් පර්යේෂණාගාරයක් මහනුවර ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ සඳහා මුහුණදීමට ජල සම්පාදන ක්‍රම සහ ජල ආරක්ෂණ සැලසුම් සකස් කරමින් පවතිනවා.මෙමඟින් ජල මූලාශ්‍රයේ සිට
පාරිභෝගිකයා දක්වා ජලයේ තත්ත්වය සහතික කිරීමට බලාපොරොත්තු වෙනවා.මෙම ක්‍රියාවලිය නියාමනය කිරීම පිණිස
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ ජල තත්ත්ව නියාමන කමිටු පත් කිරීමට සැලසුම් කොට තිබෙනවා.ජල මූලාශ්‍ර ප්‍රදේශ සංරක්ෂණය සඳහා ඒවා වැඩි දියුණු කිරීම මෙහි අරමුණයි.
මේ තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් ගංගා ද්‍රෝණිවල බීමට පමණක් ජලය ලබාගැනීම පිණිස නව වැව් ඉදිකිරීමට අවශ්‍ය වෙනවා. මේ
සඳහා කැළණි ගං ද්‍රෝණියේ සහ අත්තනගලු ඔයේ බස්නාගොඩ ජලාශය ද හැඩඔය ජලාශය ද ගත යුතුව තිබෙනවා.
අපජල ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාගැනීම ඉතාම දුෂ්කර සහ බොහෝ කලයක් ගතවන කරුණක්. ජලභාවිත දර්ශකයක් පිළිබඳ අලුත්
සංකල්පයක් හඳුන්වා දී තිබෙනවා.''දිය පා සටහන අනාවරණය කිරීමේ වැඩපිළිවෙලක් ''හදුන්වා දීම ඉතාම වැදගත්.කුඩා, මධ්‍යම හා
මහාපරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති රාශියක් සිදු කර තිබෙනවා. අපගේ ඒකායන අරමුණ වනුයේ රටේ සෑම පුරවැසියෙකුටම
ආරක්ෂිත පානීය ජලය ලබාදෙන්නයි.
2016 වසර අවසන්වන විට මුළු ජනගහනයෙන් සියයට 89%ක් වන ප්‍රතිශතයකට ද 2020 වසර අවසන් වනවිට සමස්ත ජනගහනයෙන් 91.7%කට ද විවිධ ක්‍රම මඟින් ආරක්ෂිත පානීය ජලය ලබාදීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.