බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද (16) පෙරවරු 8.30 ට පමණ මෙරටට පැමිණි ජනාධිපතිතුමා සහ දූත පිරිස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබූහ.
ඉකුත් 13 වැනි දා රෝමය බලා පිටත්වූ ජනාධිපතිතුමා 14 වනදා වතිකානයේ විශේෂ පිළිගැනීම් ශාලාවේ දී ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව වතිකානු රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡාවක නිරත විණි.
සිය වතිකානු සංචාරයේදී ජනාධිපතිතුමා ඇතුළු දුත පිරිස ලෝකවාසී කතෝලික ජනතාවගේ වන්දනීයත්වයට පාත්රවන ශාන්ත බැසිලිකා දේවස්ථානයේ පෞරාණික චිත්‍ර හා මූර්ති නැරඹීමට ද එක්විය.