නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක වීසා මත නීති විරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 402ක් අත්අඩංගුවට

    දෙසැම්බර් 17, 2015

    සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැදී සිටිමින් විවිධ ආගම් ප්‍රචාරය කිරීම, විවිධ රැකියා හා ව්‍යාපාරවල නිරතවීම සහ ජමාජ විරෝධී කටයුතුවලට සම්බන්ධ වීම හේතුවෙන් 2015 වසර තුළ අත් අඩංගුවට ගත් සංචාරකයින් සංඛ්‍යාව 402ක් බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (17) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික
    පිළිතුරු අපේක්ෂා කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    ඇමෙරිකා එක්සත් ජනපදය 4ක්,ඉන්දියාව 153ක්, බංගලාදේශය 25ක්, චීනය 102ක්, පාකිස්තානය 42ක් ,තායිලන්තය 13ක්,සිංගප්පූරුව 11 ක් ලෙස විදේශ සංචාරකයන් 402ක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඉන් සංචාරකයින් තිදෙනෙක් සිඟමන් යෙදීසිටියදී අත් අඩංගුවට ගෙන තිබෙන බවද අමාත්‍යවරයා අනාවරණය කළේ ය.

     

    ඉන් වීසා කාලය ඉක්මවා රැදී සිටි සංචාරකයින් සංඛ්‍යාව 125ක් සංචාරක වීසා ලබාගෙන රැකියාවල නිරත වීම 85ක් වීසා වැරදි ලෙස
    භාවිතා කිරීම 145ක් සිඟමනේ යෙදීම 3ක් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 3ක් සංචාරක වීසා මඟින් ආගමික කටයුතුවල නිරත
    වීම 3ක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නොමඟ යැවීම 2ක් ලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

     

    සංචාරක වීසා මත පැමිණෙන නීති විරෝධීව මෙරට රැදී සිටින විදේශිකයන් සහ නීති විරෝධී ක්‍රියාවන්වල නිරතවන විදේශිකයන්
    අත් අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ඒකකයක් ස්ථාපිත කොට තිබෙනවා.ඊට අමතරව නිරීක්ෂණ බුද්ධි ඒකකයක් පිහිටුවා
    තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    ද්විත්ව පුරවැසිභාවය ඉල්ලපු බොහෝ දෙනෙක් ඉන්නවා.සිර වූ අයදුම් පත් නිමා කරන්න කොපමණ කාලයක් යනවාදැයි මන්ත්‍රී
    බුද්ධික පතිරණ මහතා විමසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා, ලංකාවේ ඉපදුන අයට ලංකාවට එන්න පුළුවන්කමක්
    ලැබිලා නෑ.ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිතුමා, අගමතිතුමා උපදෙස් දුන්නා.ගිය මාසයේ දිවිත්ව පාස්පෝට් 2400ක් දුන්නා.මේ මාසයේ 2000ක් දෙන්න කටයුතු කරනවා.2016 වසර වනවිට සියලු ද්විත්ව පාස්පෝට් ලබාදීමට හැකි වන බවද
    අමත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya