නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පනත් කෙටුම්පත අටවැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නෑ- සභානායක

    දෙසැම්බර් 17, 2015

    දණ්ඩනීති සංග්‍රගය සහ අපරධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධනය සඳහා ඉදිරිපත් කළ සංශෝධන පනත් කෙටුම්පත අටවැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක් ගන්නා බවත් සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    පර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා -පාර්ලිමේන්තුව හමුවට දණ්ඩනීති සංග්‍රගය සංශෝධනය කිරීමට සහ අපරධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධනය කිරීමට නීති වගන්ති ගණනවක් අලුතින් ගෙන්න ඉදිරිපත් කළ පනත පිළිබඳව මේ වනවිට සංවිධාන රාශියක් සහ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු,සිවිල් සංවිධාන මෙය ඉල්ලා අස්කරගන්නා ලෙස රජයට කියා තිබෙනවා.මෙය ඉල්ලා
    අස්කරගන්නවද?


    සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-මේ පිළිබඳව අගමැතිතුමා මට දැනුම් දුන්නා.අටවැනිදා මේ පනත් කෙටුම්පත
    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නෑ.ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක් ගන්නවා.එය අටවැනිදා ඉදිරිපත් කරන්නේ නෑ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya