ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ජනප්‍රිය නළු ජෝෂප් විජේ මහතා අද (10) තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
දිවුරුම් දීමේ උත්සවය චෙන්නායිහි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වී ඇත.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව විජේ මහතාගේ පක්ෂය ජයග්‍රහණය කළද, ආණ්ඩු බලය පිහිටුවීමට අවශ්‍ය වූ බහුතර ආසන සංඛ්‍යාව සම්පූර්ණ කර ගැනීමට ඔහුට මුලදී නොහැකි වී තිබිණි.
ඒ අනුව ඉන්දීය ජාතික කොංග්‍රසය, විඩුතලෙයි චිරුතයිගල් පක්ෂය, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය සහ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය විජේ මහතාගේ පක්ෂය සමඟ එක්වීමත් සමඟ ඔහුට අවශ්‍ය වූ බහුතර බලය හිමි විය.
ඉන් අනතුරුව, තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලෙකාර් මහතා විසින් ඊයේ (9) මන්ත්‍රීවරුන් 234 දෙනෙකුගෙන් සමන්විත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් 120 දෙනෙකුගේ සහාය තහවුරු වීමෙන් පසු විජේ මහතා මහ ඇමතිවරයා ලෙස නිල වශයෙන් පත් කර තිබිණි.


