අමෙරිකා–ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුම් අත්සන් තබති

අමෙරිකා–ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුම් අත්සන් තබති
  • SocialShare:

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අතර යුද්ධය අවසන් කිරීම සඳහා වන මූලික රාමුගත ගිවිසුමකට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංසයේ සත්කාරකත්වයෙන් පැවති G7 සමුළුව අතරතුර ජනාධිපති ට්‍රම්ප් එම ගිවිසුමට අත්සන් තැබූ අතර, ටෙහෙරාන් අගනුවරදී ඉරාන ජනාධිපතිවරයා ඊට අත්සන් තැබූ බවද වාර්තා වේ.

කෙසේවෙතත්, දෙරට අතර නිල ගිවිසුමකට එළැඹීම අද (19) ස්විට්සර්ලන්තයේදී සිදුවීමට නියමිත බවත්, එම අවස්ථාවේ සිට ආරම්භ වන සාකච්ඡා සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් ගලිබා සහභාගී වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අවසන් ගිවිසුමකට එළැඹීම සඳහා වන මෙම සාකච්ඡා ඉදිරි දින 60ක කාලසීමාව තුළ පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.