ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති ගුවන් අනතුරකින් මරුට

ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති ගුවන් අනතුරකින් මරුට
  • SocialShare:

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් මහතා අද (28) ගුවන් අනතුරකින් මිය ගොස් ඇති බව විදෙස්  මාධ්‍ය වාර්තා කරයි.

අජිත් පවර් මහතාගේ කාර්ය මණ්ඩලයේ  පුද්ගලයින් හතර දෙනෙකු ද එම අනතුරින් මිය ගොස් තිබේ.

මුම්බායි සිට ගුවන්ගත වූ ගුවන් යානය, එය ගමන් කරමින් සිටි බරමති හි ගුවන් තොටුපළට කඩා වැටුණු බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මෙම අනතුරට හේතුව තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත.