ඇමරිකා එක්සත් ජනපදයේ විශාල ප්‍රදේශ ගණනාවක් දැඩි ශීත කුණාටුවකින් පීඩාවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශීත කුණාටුව හේතුවෙන් තද හිම වැසි, අයිස් තත්ත්වයන් සහ අඩු උෂ්ණත්වයන් මිලියන ගණනක් ජනතාවට බලපා ඇත. මෙම කුණාටුව හේතුවෙන් පුද්ගලයන් හත් දෙනෙකු මියගිය බවත්, ගෘහස්ථ විදුලි සැපයුම රහිතව ගෙවල් ලක්ෂ ගණනාවක් පවතින බවත් වාර්තා වේ.
ලූසිආනා ප්‍රාන්තයේ පුද්ගලයන් දෙදෙනෙකු අවම උෂ්ණත්වය හේතුවෙන් මියගිය බව වාර්තා වන අතර, ටෙක්සාස්, ටෙනසි සහ කැන්සාස් ප්‍රාන්තවලින්ද මෙම කුණාටුවට සම්බන්ධ මරණ වාර්තා වී ඇත.


