2026 ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් බිලියන 4ක් වෙන් කෙරේ

2026 ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් බිලියන 4ක් වෙන් කෙරේ
  • SocialShare:

2026 වසර සඳහා වූ ඉන්දීය අයවැය ඊයේ(01) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ අතර, මෙවර ඉන්දීය අයවැයෙන්  ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් බිලියන 04ක මුදලක් වෙන් කර තිබේ.

එය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින නොබිඳෙන මිතුදම තවදුරටත් තහවුරු කරන පියවරක් ලෙස සැලකේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉදිරිපත් කරන 13 වන අයවැය ලෙස මෙම අයවැය  මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම අග්‍රාමාත්‍ය මෝදිගේ පාලන කාලය තුළ අඛණ්ඩව මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් ඉදිරිපත් කරන 9 වන අයවැය වන්නේද මෙයයි

මෙම වෙන්කිරීම, අතුරු ආධාර (grants) සහ ණය (loans) දෙකම ඇතුළත් වන අතර, පසුගිය වසරේ වෙන්කළ මුදලට වඩා වැඩි වීමක් වේ..