පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30ට රැස් වෙයි

පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30ට රැස් වෙයි
  • SocialShare:

 අද සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි.

 මේ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම,  එච්. නන්දසේන සහ ටියුඩර් ගුණසේකර යන මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා එදින පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.