ආර්ථික යථා තත්ත්වයට පත් කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා

ආර්ථික යථා තත්ත්වයට පත් කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා
  • SocialShare:

ආර්ථික යථා තත්ත්වයට පත් කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළ ආරම්භ කර ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද(09) පාර්ලිමේන්තුවේදි පැවසීය.

විපක්ෂය විසින් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

වංචනිකයින් සහ දූෂිතයින් ඇල්ලීමේ ආයතනික ක්‍රියාවලිය සිදු වෙමින් පවතින බවත් ඒ අනුව ඉදිරියේදි වැරදිකරුවන්ට එරෙහිව  විධිමත් ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. දින 52ක් තුළ  පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට හැකි වූ බව කී ඒ මහතා විපක්ෂය පවසන පරිදි දින පනහකින් මැජික් කළ නොහැකි බවද පෙන්වා දුන්නේය. 

 

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ආර්ථිකය යථාතත්වයට පත්කිරීමට ක්‍රමානුකූලව රජය කටයුතු කරමින් සිටින බවයි. භාණ්ඩ මිල වැඩි වීමේ වේගය අඩු වෙන යුගයක් ඇති වී තිබෙන අතර භාණ්ඩ 40ක් අතරින් මිල වැඩි වී ඇත්තේ භාණ්ඩ 08 ක පමණක් බවද  ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.