ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක වැඩසටහනට රුපියල් ලක්ෂ 70ක් වියදම් වූ බවට සිදු කරන ප්‍රකාශය අසත්‍යක්

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක වැඩසටහනට රුපියල් ලක්ෂ 70ක් වියදම් වූ බවට සිදු කරන ප්‍රකාශය අසත්‍යක්
  • SocialShare:

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක වැඩසටහනට රුපියල් ලක්ෂ 70ක් වියදම් වූ බවට සිදු කරන ප්‍රකාශය අසත්‍යක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(10) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ කරුණක් සම්බන්ධයෙන් අවධාරණය කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ගෙවීම් වශයෙන් අනුමත වී ඇත්තේ රුපියල් ලක්ෂ 09ක් පමණක් බවත්, එම ගෙවීම්ද මෙතෙක් සිදු කර නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

ඊයේ පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන්  සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් වෙබ් අඩවිය සෑදීමට හෝ එම සංගීත ශිල්පියාට හෝ ගීතය ලිවීමට ගිය මිල ගණන් සම්පූර්ණයෙන්ම අසත්‍යය බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 09ට වඩා වියදම් වී නැති බවත්, වියදම් කරන්නේද නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.