ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ඇති ඉඩම් ලබාදිමේදී විවිධ අක්‍රමිකතා සිදුව ඇති බැවින් 2015 වසරේ සිට ලබාදී ඇති ඉඩම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා අද(21) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මෙම විමර්ශනය සිදුකරන බවත් එම විමර්ශනය සිදුකිරීම සඳහා කමිටුවක් පත් කළ බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
අදාළ විමර්ශනය මාස තුනක් ඇතුළත සිදුකර අවසන් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව එම විමර්ශනය අවසන් කරන තෙක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඉඩම් ලබාදීම නතර කර ඇති බවද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ මාස තුනක් ඇතුළත් මෙම විමර්ශනය අවසන් කරන්නට බලාපොරොත්තු වන බවයි. ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කරන අය මේ සම්බන්ධයෙන් අපහසුවකට පත් විය හැකි නමුත්, සිදුව ඇතැයි කියන මෙම අක්රමිකතාව සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම පරීක්ෂණසිදුකළ යුතු බවද කීය.