හලාවත වැවිලි සමාමේ වැලි කැනීම් වලදී සිදු වූ වංචාවකින් රුපියල් මිලියන 746.6ක මුදලක් රජයට අහිමි වී ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදු කරන බවත් ඉදිරියේදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
පසුගිය සමයේදී සීමාසහිත හලාවත වැවිලි සමාගම සතු ඉඩම්වල වැලි කපා අලෙවි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා අද(21) පාර්ලිමේන්තුවේදී යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
"හලාවත වැවිලි සමාගමට අයිති පලෙයි කියන ප්‍රදේශයේ, දීපු ප්‍රමාණයට වඩා වැලි කැණීමක් සිදුවෙලා තියෙනවා. එමගින් විශාල වංචාවක් වුණ බවට වාර්තා වෙනවා. දැනට පරික්ෂණ මට්ටමේ සිදුවෙනවා. මෙම සිදුවීම සම්බන්ධ ප්‍රසිද්ධ දේශපාලඥයින්ෙ දෙදෙනෙකු සම්බන්ධයෙන් වාර්තා වෙනවා. ඒ වගේම කොන්ත්‍රාත්කරුවෝ කිපදෙනක් සම්බන්ධයෙන් අපට වාර්තා වෙනවා.මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදු කරනවා. දැනට නීති විරෝධී වැලි කැනීම් වලක්වා තිබෙනවා. දීපු බලපත්‍රෙය් ප්‍රමාණයට පමණයි වැලිකැනීම් සිදු වෙන්න ඔින. ඉදිරියේදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම්.