අම්පාරේ ගංවතුර තත්ත්වයන්ට කඩිනම් ක්‍රියාමාර්ග - වාරිමාර්ග‍ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා

අම්පාරේ ගංවතුර තත්ත්වයන්ට කඩිනම් ක්‍රියාමාර්ග - වාරිමාර්ග‍ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා
  • SocialShare:

අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය ආශ්‍රිතව ඇති වී තිබෙන  ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සොයා බලා අදාළ ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව ඉඩම් හා වාරිමාර්ග‍ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කුඹුරු ඉඩම් අක්කර 3,000ක් පමණ ජලයෙන් යටවී ඇති බවත්, මේ වන විට වතුර බැසයාමේ අඩුවක් තිබෙනව බවට වාර්තා වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය

මේ වනවිට  රට පුරා ගංවතුර තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය ආශ්‍රිතව ඉවුරු කැඩී යාමේ තත්ත්වයක් නිසා කුඹුරු අක්කර විශාල සංඛ්‍යාවක් යටවෙලා තියෙනවා. අද වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරපුවාම දැනගන්නට තිබුණේ වර්ෂාවේ යම් අඩුවත් තිබෙනවා. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර ඉඩම් අක්කර 3,000කට ආසන්න සංඛ්‍යාවක් යටවෙලා තියෙනවා. වතුර බැසයාමේ අඩුවක් තිබෙනවා කියලා වාර්තා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් වැඩිමනත් විදියට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මැදිහත්වෙලා කරුණු සොයා බලන්න සහ ක්‍රියාමාර්ග ගන්න.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.