රජයේ ශික්ෂණ රෝහල්වල සේවා අවශ්‍යතාවය අනුව විශේෂඥ වෛද්‍යවරුන් සඳහා End post නම් නව තනතුර නිර්මාණය කර ඇති බවත් , විද්‍යාත්මක පදනමකින් රටේ අවශ්‍යතාවය මත මෙවැනි නව තනතුරු නිර්මාණය කර ගතයුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
විශේෂඥ පුහුණුව ලබා ගෙන එන වෛද්‍යවරුන්ගේ සේවාව රෝගින්ට, වෛද්‍යවරු සහ වෛද්‍ය ශිෂ්‍යයින්ටත් අනාගත පුහුණුව ලබා ගැනීමට මෙවැනි තනතුරු නිර්මාණය කරගත යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම තනතුර විධිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරගෙන යන බවත්, ශික්ෂණ රෝහල් පදනම් කරගත් මෙම ක්‍රියාවලිය විධිමත් කර දැනට විශේෂඥ වෛද්‍යවරු නොමැති රෝහල්වලට End post වෛද්‍යවරු යැවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් කටයුතු සිදුකරගෙන යන බවද කීය.