පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30ට රැස්වෙයි.
ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2413/37 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2399/16 දරන ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2384/35 දරන ගැසට් පත්‍රයේ පළකළ රෙගුලාසි, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය අද විවාදයට ගැනීමට නියමිතය.
අද පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා කාලය විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත් වේ.