පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
  • SocialShare:

පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30ට රැස් වෙයි. 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙයි. එමෙන්ම එහි දෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 18වනදා සිට 25වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත

 

අද  පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක්, 

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සහ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ නිවේදන විවාදයට ගැනීමට නියමිතව ඇත. අනතුරුව ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශවය විසින් ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී එකඟත්වය පළවී තිබේ.

 

 හෙට(10) සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  කුමාර වෙල්ගම,  එච්. නන්දසේන සහ  ටියුඩර් ගුණසේකර යන මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා  හෙට පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා කාලය වෙන් කර තිබේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.