විදේශයන්ගෙන් මෙරටට පැමිණෙන භාණ්ඩ හා සේවාවන්ට ප්‍රමිතිකරණයක්

විදේශයන්ගෙන් මෙරටට පැමිණෙන භාණ්ඩ හා සේවාවන්ට ප්‍රමිතිකරණයක්
  • SocialShare:

විදේශයන්ගෙන් කර්මාන්ත  මෙරටට පැමිණෙන භාණ්ඩ හා සේවාවන්ට ප්‍රමිතිකරණයක් හඳුන්වා දීම වත්මන් ආණ්ඩුව සිදු කරන බව සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අද(08) පාර්ලිමේන්තුවේ පැවසීය.

විදෙස්ගත භාණ්ඩ හා සේවා ප්‍රමිතියකින් තොරව මෙරටට පැමිණීම නිසා දේශීය කර්මාන්තකරුවා විනාශ වූ බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

 

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

 

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ආර්ථිකය විවෘත කිරීමෙන් මෙරටට ගැළපෙන නොගැළපෙන භාණ්ඩ හා සේවා රැසක් මෙරටට පැමිණීමට ඉඩ දුන් බවයි.

 

ප්‍රමිතියකින් තොරව භාණ්ඩ ගලා ඒම තුළින් දේශීය කර්මාන්තකරුවා විනාශ වූ බවද පෙන්වා දුන්නේය. සමස්ත භාණ්ඩ හා සේවාවලට ප්‍රමිතිකරණයක් ගෙන ඒමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනවා. ඒ තුළ දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කිරීමට අපි වැඩපිළිවෙළ යොදනවා

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.