සමස්ත සමාජය තුළ ගැඹුරු පරිවර්තනයක් උදෙසා ආරම්භ කළ Clean Sri Lanka වැඩසටහන වැනි සමාජ පරිවර්තනයන්ට විරුද්ධ වන කණ්ඩායම් සිටින බවත් එවැනි විරෝධයන්ට කිසිඳු අවස්ථාවක යටත් නොවන බවත් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
ඕනෑම අභියෝගයකට මුහුණ දීමට වත්මන් ආණ්ඩුව සූදානම් බවත් ආණ්ඩුව නියෝජනය කරන්නේ ජනතාව බැවින් ජනවරම අනුව කටයුතු කරන බවද අගමැතිවරිය සඳහන් කළාය.
Clean Sri Lanka වැඩසටහන අවසන් වනවිට හිරුට හිරු පායනු ඇති බවත්, අරුණට එහි තේරුම පැහැදිළි වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරිය පැවසුවේ, Clean Sri Lanka වැඩසටහන ආයතන මට්ටමින් සිදු කරන වෙනසක් නොව සමාජ වෙනසක් බවයි. සමාජ වෙනසක් තුළ ජනතාවගේ පරිවර්තනයක් සිදුවිය යුතු බවත් මෙය දවසකින් පැය 24කින් සිදුවන දෙයක් නොව ක්‍රියාවලියක් බවද අගමැතිවරිය පෙන්වා දුන්නාය.