වී ගොවීන්ට ලබාදෙන පොහොර මුදල් සහනාධාරයට අමතරව මියුරියේට් පොටෑෂ් මෙට්‍රික් ටොන් 25239.73 ක පොහොර ප්‍රමාණයක් මේ වසර තුළ නොමිලේ ලබාදීමට මේ වන විට රජය සැලසුම් කර ඇතැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අද(08) පාර්ලිමේන්තුදෙී පැවසුවාය.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් වන ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අගමැතිවරියගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය.
ගොවි සංවිධාන මඟින් ගොවීන්ගේ අදහස් ලබාගෙන එම අදහස් අධ්‍යයනය කර ගොවීන්ට සහන සැලසීමේ අරමුණෙන් කෘෂි කර්මාන්තයට හිතකර තීරණ ගන්නා බවත් ඒ ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන බවත් අගමැතිවරිය පැවසුවාය.
අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් සියයට 95 කට පොහොර සහනාධාරය ලැබී ඇති බවත් සියලුම ගොවීන්ගේ රුපියල් 25,000 ක පොහොර සහනාධාරය ඉදිරි සති දෙක තුළ අනිවාර්යයෙන් ලබාදෙන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.