අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාධනීය මට්ටමෙන් සිදු කරන බවත් 2026 වර්ෂයේ සිට ක්‍රමානුකූලව අදාළ ප්‍රතිසංස්කරණයන් අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය අද(08) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
රටේ සියලුම දරුවන්ට වසර 13 ක අධ්‍යාපනයක් තහවුරු කිරීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව වන බව ද ඇය කියා සිටියාය.
අධ්‍යාපන ආයතන නිසි වර්ගීකරණයකට ලක් කරමින් ආයතනික පද්ධතියේ සිදු කරන ව්‍යූහාත්මක වෙනස්කම් තුළින් 2025 වර්ෂයේ අධ්‍යයන කටයුතු කරන බවත් විෂය මාලා ප්‍රතිසංස්කරණ කටයුතු ද 2025 වසරට අදාළව සිදු කරන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.