ලියාපදිංචි නොවූ වෛද්‍යවරු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට සූදානම් - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්න ජයතිස්ස

ලියාපදිංචි නොවූ වෛද්‍යවරු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට සූදානම් - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්න ජයතිස්ස
  • SocialShare:

ලියාපදිංචි නොවූ වෛද්‍යවරු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්න ජයතිස්ස මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අද( 07) පාර්ලිමේන්තුවේදී යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,
ලංකාවේ වෛද්‍ය ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. එම වෛද්‍යවරු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුයි. මෙම ලියාපදිංචි වීමේදී ඇතැම් වෛද්‍ය සභාවල ප්‍රශ්න තිබෙනවා. ලියාපදිංචි වූ වෛද්‍ය ක්‍රමයට පරිභාහිර වෛද්‍ය ක්‍රමත් භාවිතා කරනවා. යම් ප්‍රමාණයක් හොර වෛද්‍යවරු ඉන්නවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදුකරගෙන යනවා. ලියාපදිංචියෙන් තොර වෛද්‍යවරු සිටිනවා නම් දැනුම් දෙන්න . ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.