සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටෙස්ට් තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට

    අගෝස්තු 06, 2024

    එංගලන්තය සමඟ ටෙස්ට් තරඟාවලියකට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී එංගලන්තයේ තරඟ සංචාරයකට නියැළීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

    ICC ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා ටෙස්ට් තරග 3 ක් ඇතුළත්වේ.

    පළමු ටෙස්ට් තරඟය අගෝස්තු 21 වැනිදා මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිව්දින පුහුණු තරඟයකට සහභාගිවීමට නියමිතව ඇත.

    තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟය අගෝස්තු මස 29 වැනිදා ලන්ඩන්හි ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදීත්, තෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය සැප්තැම්බර් 06 වැනිදා ලන්ඩන්හි කියා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya