සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවැරදිව ඡන්දය දෙන ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් පැහැදිළිකිරීමක්

    සැප්තැම්බර් 19, 2024

    ඡන්ද පත්‍රිකාව නිවැරදිව සලකුණු කිරීමෙන් ඡන්දය වලංගු ඡන්දයක් බවට පත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාවේ සභාපති ආර්.ඒම්.ඒ. එල් රත්නායක  මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

     

    මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළ පරිදි 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 8 (අ) වගන්තියට අනුව සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ තුන්වන උපලේඛනයට අනුව, අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කළ යුත්තේ අංක 1 යෙදීමෙනි. එසේම කිසියම් අපේක්ෂකයෙකුට මනාප සලකුණු කිරීමට අපේක්ෂා කරන්නේ නම්, දෙවන මනාපය 2 ඉලක්කම සටහන් කිරීමෙන් ද, තුන්වන මනාපය 3 ඉලක්කම සටහන් කිරීමෙන් ද ලබාදිය හැකි බව හෙතෙම පැවසීය.

     

    මේ 1 ඉලක්කම වෙනුවට යම්කිසි අයෙක් X සලකුණ යොදන්න අදහස් කරන්නේ නම්, ඒ ඡන්දයත් මේ ඡන්ද විමසීමේ දී වලංගු ඡන්දයක් විදියට පිළිගන්නා බවද පැවසීය.

     

    කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැති වීම / එක් අපේක්ෂකයෙකුට වඩා කතිර සලකුණු කර තිබීම/ කතිර (X) සහ ඉලක්කම් දෙවර්ගයම සලකුණු කර තිබීම/ දෙවනි මනාපය සහ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර තිබීම/ ඡන්දදායකයාගේ නම හෝ හඳුනාගත හැකි යමක් ලියා තිබීම/ 6. 1, 2, 3ට වඩා මනාප සලකුණු කර තිබීම ඡන්ද පත්‍රිකාව අවලංගු වීමට හේතු වශයෙන් ඒ මහතා පැහැදිළි කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya