සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී බීඩි කොළ තොගයක් පුත්තලමේ දී නීතියේ රැහැනට

    සැප්තැම්බර් 20, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව, පුත්තලම ආලංකුඩා ප්‍රදේශයේ ඊයේ (19) වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක දී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් අටසිය දහයයක (810) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

    ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව, පුත්තලම ආලංකුඩා ප්‍රදේශයේ ඊයේ වන දින සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී, එම ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබු උර විසි හයක (26) අසුරන ලද බීඩි කොළ කිලෝ අටසිය දහයක (810) තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

    තවද, නාවික හමුදාව සිදුකරණු ලබන නිරන්තර මෙහෙයුම් හමුවේ රැගෙන යාමට නොහැකිව මෙම බීඩි කොළ තොගය ජාවාරම්කරුවන් විසින් මෙලෙස සඟවා තබන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya